Gossip

අම්මාගේ අනියම් ඇසුර නිසා මියගිය නව හැවිරිදි දැරිය වසරකට පසු නැවත එයි

ඉකුත් 2018 වසරේ සිය මවගේ අනියම් සැමියා විසින් ඝාතනය කර රහසේ වළ දැමූ බව කියන හාලිඇළ කන්දේගෙදර සාර්නියා වත්තේ නව හැවිරිදි දැරියගේ දේහය පෙරේදා (09දා) සවස බදුල්ල මහෙස්ත්‍රාත් එච්.බී.සී.පී. කරුණාදාස, බදුල්ල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සඳකැන් වඩුගේ, බදුල්ල පොලිස් අධිකාරි උජිත් ලියනගේ යන මහත්වරුන් ඉදිරියේ ගොඩ ගැණුනා.

ඝාතනයේ සැකකරුවන් වන මියගිය දැරියගේ මව සහ මවගේ අනියම් සැමියා බව කියන අය දැඩි පොලිස් ආරක්‍ෂාව මැද එම ස්ථානයට රැගෙන එන ලද අතර ඔවුන් විසින් දේහය වළ දැමූ ස්ථානය පෙන්වා දීමෙන් අනතුරුව බදුල්ල පොලිස් විශේෂ අපරාධ ස්ථානීය පරීක්‍ෂණ අංශය මඟින් මළසිරුර ගොඩනැඟීමේ කටයුතු සිදු කර තිබෙනවා.

එම අවස්ථාවට විශේෂ පොලිස් ආරක්‍ෂාවක් ද සලසා තිබුණා.

මෙම සිද්ධියට අදාළ හාලිඇළ පොලිස් බල ප්‍රදේශයට අයත් කන්දේගෙදර සාර්නියා වත්ත මහතැන්න කොටසේ ලැයිම් අංක 01හි පදිංචිව සිටි මහේන්ද්‍රන් ඩිලානි නම් 09 හැවිරිදි දැරිය ඉකුත් 2018 ජනවාරි මස 12 වැනි දින ඝාතනය කොට මෙසේ වළ දමා ඇතැයි පැවසෙන අතර ඒ සම්බන්ධයෙන් සැක පිට ඉහත ලිපිනයේ පදිංචි මියගිය දැරියගේ මව වන පූබාලන් ජානකී (28) සහ ඇගේ අනියම් සැමියා බව කියන පන්නීර් චෙල්ලවම් මහේන්ද්‍රම් (32) යන අය පොලිස් අත්අඩංගුවට පත්ව සිටිනවා.

බදුල්ල මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගය මත අදාළ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සඳකැන් වඩුගේ මහතා විසින් සිදු කිරීමට නියමිතව ඇති අතර හාලිඇළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ප්‍රියන්ත චන්ද්‍රසේකර මහතාගේ මූලිකත්වයෙන් හාලිඇළ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!