Gossip

අම්මලා එක්ක පාර්ලිමේන්තු ගිය පුංචි පැටව් – Photos

මව් පදවිය කියන්නේ මේ ලෝකේ උතුම්ම පදවියයි.
ඒ් නිසාම ලෝකයේ සෑම රටකම වගේ ප්‍රසූත නිවාඩු දීම සාමාන්‍ය ක්‍රමවේදයක් වෙලා තියෙන්නේ.
ඒක සාමාන්‍ය සේවිකාවගේ ඉඳන් ජනාධිපති ධුරය දක්වාම ලැබෙන නිවාඩුවක්.ක
හැබැයි මේ ප්‍රසූත නිවාඩුවත් රට වෙනුවෙන් කැප කළ අවස්ථා ගැන අපිට පසුගිය දවස්වල අහන්න දකින්න ලැබුණා.

මේ ඒ අතරින් කිහිපදෙනෙකු පිළිබඳව අප ගෙන එන වාර්තාවක්..

ජසින්ඩා ආර්ඩින්
ඇය නවසීලන්ත අගමැතිනියයි.. ඇය මීට පෙරද ලෝකයේ වැඩි දෙනෙකුගේ කතාබහට ලක්වුණු දේශපාලඥවරියක්ද වුණා. ඇය ප්‍රසූත නිවාඩු ලබා සිටින අවස්ථාවක එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවත්වන ලද ලෝක නායක හමුවක දේශනයක් සඳහා සහභාගී වීමට සිදුවුණා. එම අවස්ථාවට මාස දෙක හමාරක් වයසැති බිළිඳියද සමඟ ඇය එක්වී සිටියේ මෙලෙසින්.

කැරොලිනා බෙස්කන්සා
ඇයද සිය මාස දෙක හමාරක් වූ බිළිඳා ස්පාඤ්ඤ පාර්ලිමේන්තුවට රැගෙන ඒම සඳහා අවසර ගෙන තිබුණේ ඒ වනවිටත් දරුවාගේ ආහාරය මව්කිරි පමණක් වන බැවින්.
ඇය පසුගියදා විවේචනයටද ලක්ව තිබුණා.
ඒ පාර්ලිමේන්තුව තුලදී බිළිඳාට මව්කිරී පෙවීම හේතුවෙන්.

ලිසියා රොන්සුලි
ඉතාලි සෙනට් සභික මන්ත්‍රීවරියක වන ලිසියා දින 24 වයසැති දරුවා පාර්ලිමේන්තු සැසිවාරයකට රැගෙන පැමිණියා.
ඒ අයවැයක් සම්මත කරගැනීමට සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහායි.
විටෝරියා නම් දින 24 මෙම බිළිඳා වාර්තා පොත් අතරට එක්වුණේ පාර්ලිමේන්තු සභා ගැබට පැමිණි පළමු බිළිඳා ලෙසටයි.

ලැරින්සා වෝටර්ස්
සති 14 ක් වයසැති තම බිළිඳිය සමග පාර්ලිමේන්තුවට ගිය තවත් එක් දේශපාලන මවක් ලෙස ලැරින්සා වෝටර්ස් හැදින්විය හැකියි.
ඇය ඕස්ට්‍රේලියානු ක්වීන්ස්ලන්ඩ් සෙනට් සභික මන්ත්‍රීවරියක්.
ඇය පාර්ලිමේන්තුවට ගියා පමණක් නොව බිළිඳාට මව්කිරි දෙන අතරතුර පාර්ලිමේන්තු විවාදයකටද සහභාගී වී තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!