Gossip

“අපේ සුරතලිය නික්ම ගියා. මට ඔච්චරයි හිටියේ වටිනාම දේ හොරු අරගෙන ගියා.” – සිද්ධිය සැලවූ සැනින් බෝකුන්දර තරුණියන්ගේ නැන්දාගේ හදවතත් නවතී

තම දරුවන්ගේ මෘත ශරීර පමා නොකොට ඉක්මනින් ලංකාවට ගෙන්වා දෙන ලෙස අසර්බයිජාන් රාජ්‍යයේ අනතුරින් මියගිය සිසුවියන්ගේ මවුපියෝ ඉල්ලා සිටිති.
පසුගිය 09 වැනිදා අසර්බයිජාන් රාජ්‍යයේ බකූ අගනුවර බෙයිල් ජනාවාසයේ මහල් නිවසක ඇතිවූ ගින්නකින් මියගිය තරුණියන් තිදෙනාම ශ‍්‍රී ලාංකිකයන් බව එරට මාධ්‍ය වාර්තා කළේය.
බටහිර කැස්ෆියන් විශ්වවිදලයේ අධ්‍යාපනය ලබමින් සිටි එකම පවුලේ සහෝදරියන් දෙදෙනකු සහ ඔවුන්ගේ මිතුරියක්ද මෙලෙස ජීවිතක්‍ෂයට පත්වී තිබිණි. මහල් නිවාසයක බිම් මහලේ ඇතිවූ ගෑස් සහ විදුලි කාන්දුවකින් හටගත් ගින්නක දුම් ආඝ‍්‍රාහණය විෂවී එම තරුණියන් මියගොස් ඇති බව පැවැසේ.
මෙම අනතුර හේතුවෙන් මරණයට පත් වූයේ කඩුවෙල – පහළ බෝමිරිය දහම් පාසල් මාවතේ අංක 180/2/බී නිවසේ පදිංචිව සිටි අමෝiා මධු හංසි ජයකොඩි 25 හැවිරිදි තරුණියක සහ පිළියන්දල – බෝකුන්දර මහවත්ත පාරේ අංක 375/1 නිවසේ පදිංචිව සිටි පට්ටියගේ මල්ෂා සංදීපනී 23 සහ පට්ටියගේ තාරුකී අමායා 21 යන එකම පවුලේ සහෝදරියන් දෙදෙනාය.
මෙම සොහොයුරියන් දෙදෙනා ජීවිතක්‍ෂයට පත්වූ පුවත සැලවීමත් සමගම ඔවුන්ගේ නැන්දනිය (පියාගේ සොහොයුරිය හෘදයාබාධයකට ලක්ව මෙලොවින් සමුගෙන ඇත. එයද අතිශයින්ම ශෝකී පුවතකි.
ආසියානු මහාද්වීපයට අයත් ඉරානයට ආසන්නව මෙම අසර්බයිජාන් රාජ්‍යය පිහිටා ඇත. එහි බටහිර කැස්ෆියන් විශ්වවිද්‍යාලයට මෙම සිසුවියන් ඇතුළත් වූයේ මීට මාස 06 කට පෙරය.
ඔවුන් නේවාසිකව සිටි මහල් නිවාසයේ දෙවන මහලේ නේවාසිකව සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇත. එකම පවුලේ සහෝදරියන් දෙදෙනාගෙන් වැඩිමහල් දියණිය තොරතුරු තාක්‍ෂණ පාඨමාලාව සහ බාල දියණිය විලාසිතා නිර්මාණකරණය පාඨමාලාව හදාරා ඇත.
මෙම පුවත සැලවීමත් සමඟම අපි පිළියන්දල බෝකුන්දර පිහිටි එක් නිවසකට පිය නැගුවෙමු. එහිදී දියණියන්ගේ නැන්දණියගේ අවමඟුල සූදානම් කර තිබූ අයුරු දැකගැනීමට හැකිවිය. මෙලෙස ජීවිතක්‍ෂයට පත්වී තිබුණේ පට්ටියගේ සුජීවා පි‍්‍රයංකා නමැති 50 හැවිරිදි තිදරු මවකි.
අනතුරින් මියගිය එකම පවුලේ දියණියන් දෙදෙනාගේ පියාවන නිශාන් සංජීව මහතා හිස් අහස දෙස බලා සුසුම් හෙළමින් තාප්පයකට වාරුවී සිටියේය.
‘‘මට ඔච්චරයි හිටියේ වටිනාම දේ හොරු අරගෙන ගියා. ආයෙත් නොලැබෙන ලෙසම සියල්ල අහිමි වුණා. මගේ සියලූම බලාපොරොත්තු සුළඟට ගහගෙන ගියා. එය අඳෝනාවක් නොව කෙඳිරියකි.
මට ඊයේ උදේ හතට පමණ කෝල් එකක් ආවා. බම්බලපිටියෙ ඒජන්සියෙන්. දරුවන් නතර වී සිටි නිවසේ ගින්නක් ඇතිවෙලා. එහෙත් දරුවන්ට මුකුත් වෙලා නෑ.
අනතුරට පත්වෙලා පමණයි කියා. මට මොකක්දෝ අමුත්තක් දැනුණා. මගේ හිතවත් අයකුට මා දුරකථන ඇමතුමක් ලබාදුන්නා. එහිදී මා දැනගත්තා මගේ දරුවන් සහ ඔවුන්ගේ මිතුරියක් මියගොස් කියා. ලොකු දුව පෙරේදා උදේ කතා කළා. කැම්පස් ගිහින් ඇවිත් කතා කරන්නම් කීවා.
දරුවන් එම නේවාසිකාගාරයට ඇතුල් වෙනවිටත් මේ ගෑස් කාන්දුව තිබිලා. ළමයි ඕවා දන්නෙ නෑනෙ. රටේ ශීතල තත්ත්වයට එයාල කාමරයට ගොස් වහගන්නවා.
මට ආරංචිය ආවිට මම ගිහින් අක්කාට මේ බව කීවා. අක්කෙ අපේ දරුවො නැතිවෙලා කියා. අක්කා එකපාරටම අසනීප වුණා. අපි ඇයව කටුවාවල කොතලාවල ආරක්‍ෂක පීඨ රෝහලට ඇතුළත් කළා. එහි දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර කළත් ඇයව බේරාගන්න බැරිවුණා. ඇයට දරුවන් තිදෙනෙක් ඉන්නවා.
ඉන් එක් දියණියක් ආබාධිත මන්දමානසික තත්ත්වයෙන් පෙළෙනවා.
මගේ දියණියන් දෙදෙනාම කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විiාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරුවා.
උසස් අධ්‍යාපනයට කොළඹ ලූම්බිණි විiාලයට ඇතුළත් කළා. මේ දෙදෙනාම චෙස් ක‍්‍රීඩාවට හරිම දක්‍ෂයි.
සමස්ත ලංකා ප‍්‍රථම ස්ථාන ලබා තිබෙනවා. මෙඞ්ල් ගොඩක් ගෙදර තිබෙනවා කියමින් ඉකිබින්දේය.
දුවලා දෙන්නාටම තවදුරටත් ඉගෙනගන්න ඕනා කීවා. ඒකයි පිටරට යැව්වේ. ගොඩක් බලාපොරොත්තු තිබුණත් සියල්ල සුන්වුණා.
දරුවන්ගේ මව වන දීපා නිල්මිණි මහත්මිය සියලූ දේ අහිමිවූ පටාචාරාවක් මෙන් මුහුණ බිමට හොවා ඉකිබිඳිමින් සිටී.
මියගිය සොයුරියන් දෙදෙනාගේ සමීපතම ඥාතියෙකු වන සංක ශ‍්‍රී හර්ෂ එදිරිමාන්න මහතා මෙම දුක්බර සිද්ධිය විස්තර කළේ මේ අයුරිනි.
මම මියගිය දූලා දෙන්නාගේ මාමා කෙනෙක්. ඒ දෙන්නා කුඩා කල සිට අධ්‍යාපනය ලැබුවේ පිළියන්දල ධර්මසේන ආටිගල බාලිකා විiාලයෙන්. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ බාලදියණිය පුද්ගලික බැංකුවක සේවය කළා. පස්සෙ මේ දෙන්නා තොරතුරු තාක්‍ෂණය හා මෝස්තර නිර්මාණකරණය යන පාඨමාලා හැදෑරීමට මේ ආකාරයෙන් විදෙස්ගත වුණා. එහිදී පළමුවෙන්ම කළේ රුසියන් භාෂාව හැදෑරීමයි. 2019 ජුලි 16 ඔවුන් විදෙස් ගත වෙලා නතර වී හිටියේ කුලී පදනම මත ලබාගත් මහල් නිවසක.
ඒ අතරේ හදිසියේ ගෙදරට කෝල් එකක් ආවා ළමයි දෙන්නා අනතුරකට ලක්වෙලා කියලා. ඔවුන් නතර වී සිටි කුලී නිවසේ ගෑස් කාන්දුවීමෙන් පිපිරීමක් ඇති වී මියගියා කියලයි අපට ආරංචි වුණේ. මේ දෙන්නා සමඟ කඩුවෙල පැත්තේ ළමයෙකුත් අනතුරට ලක්වුණා කියා දැනගත්තා.
මේ ළමයි ලොකු දැනුමක් තියෙන අය නොවෙයි. ගෑස් කාන්දුව දැනුනත් මේ අය ගණන් ගෙන නෑ කියා සිතෙනවා. මේ සිද්ධිය ගෙදර අයිතිකරුවන් දැනගෙන තිබෙන්නේ ගින්න ඇවිලෙන විටයි.
මරණ පරීක්‍ෂණ කටයුතු සියල්ල අවසන් කියලා පණිවුඩයක් ලැබුණා. මේ දූල දෙන්න නැති ශෝකයෙන් මියගිය නැන්දණියගේ අවසන් කටයුතු 12 වැනිදා තුම්බෝවිල සුසාන භූමියේදී සිදුකරනවා.
කඩුවෙල පහළ බෝම්රියේ මියගිය මධුහංසි ජයකොඩි ශිෂ්‍යාවගේ නිවසට අපි දෙවනුව පිය නැගුවෙමු. අපි එහි යන විටත් ඇයගේ මිතුරු මිතුරියන්ගෙන් නිවස ප‍්‍රදේශය පුරාම පිරී තිබිණි.
ඇයගේ මව වන යූ. දයාකාන්ති මහත්මිය මෙසේ පැවසුවාය. අපට හිටපු එකම සුරතලී නික්ම ගිහින් ඇය දොඩමළුයි. මෙයාලගෙ දෛවය.. අපේ නොලැබීම… මේක අපේ කරුමය.. තුන්දෙනා පතාගෙන එන්න ඇති එකට යන්න…
ඇයගේ මානසිකත්වය වියවුල් වී ඇත. පෙර පාසල් ගුරුවරියක් වූ ඇයට දරුවන් දෙදෙනෙකි. ලොකු පුතා බැංකු නිලධාරියෙකි. පුතා බැංකුවක සේවය කරනවා. එයා විවාහකයි. හැම දේකටම මා අසලම සිටියේ චූටි දුවයි.

තාත්තා ඇන්ටනී ජයකොඩි බලාගෙන සිටී.
ඇය නැවතත් කතාව ආරම්භ කළාය. අපට දුවලා ඔච්චරයි. හරිම සුරතලේට හැදුවේ. හරියට මලක් වගේ ආරක්‍ෂා කළා. එයා පුංචි කාලේ සිට නර්තනයට හරිම දක්‍ෂයි. අධ්‍යාපනය කරන අතරතුර නැටුම් හැදෑරුවා. දුව කඩුවෙල බෝම්රිය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබුවා. 2014 වසරේ ශිෂ්‍ය නායිකාවක් හැටියටත් පාසලේ කටයුතු කළා. දුව මියයන දිනයේ හවසත් මට කතා කළා. දැන් කැම්පස් ගිහින් ආවේ. අම්මේ හරි මහන්සියි අම්මාට මං ? වෙලා ගන්නම් කීවා. ඒ මගේ දුවගේ අන්තිම ඇමතීම. දෙවියනේ මේ වගේ විපතක් කාටවත් වෙන්න එපා. ‘‘එයා හරි කැමැත්තෙන්ම තමා ඔය රටට ගියේ. ඉගෙන ගන්න හරි උනන්දුයි. ඒ වගේමයි හරි සැහැල්ලූවෙන් ජීවිතේට මුහුණ දුන්නෙ. යාළුවො හරියට හිටියා. පොදු වැඩවලදී ඔක්කොම එකතු කරගෙන එයා වැඩකළා. සිද්ධිය ගැන දුරකථන ඇමතුමක් තමා මුලින්ම ආවෙ. එහෙ හිටිය දුවගේ යාළුවෙක් කතා කළා.
ගින්නෙන් ඇතිවුණ දුම ආඝ‍්‍රාහණය වෙලා කියලයි කියන්නේ. අනේ මම ඉල්ලා සිටින්නේ දුවගෙ දේහය හැකි ඉක්මනින් ලංකාවට ගෙන්වලා දෙන්න කියලා.
නිවසට වැල නොකැඞී ඇදී එන ජනතාව ඇයගේ කුඩා කාලය සිහිපත් කරමින් නිවස අසලින් යන ඕනෑම අයකු සමඟ සිනහ වී කතාකිරීම ඇයගේ පුරුද්දය. ඇගේ හොඳ ගතිගුණ දසත පැතිරෙයි. ඒ සියල්ල අසන්නට අද ඇය නැත. දුර ඈත රුසියාව, පෝලන්තය අතර ඇති රාජ්‍යයකදී ඇය අප අතහැර සදාකාලික නින්දකට ගොස් ඇත.
පියා ඇන්ටන් ජයකොඩි මහතා මෙන්ම බැංකු නිලධාරියකුවූ එකම සොහොයුරා දිනිදු මධුෂංකත් සිටින්නේ දුක වාවාගත නොහැකිවය. මේ පුංචි කැදැල්ලේ සුරතලිය යළි කිසිදා එන්නේ නැත.
ඇයගේ පාසල් මිතුරියන් වන ඉමාෂා, අසන්තිකා, රන්දිමා සහ ශානිකා ඇය ගැන බොහෝ දෑ පැවැසූහ. ඔවුන් අදහස් දැක්වූයේ ඇතැම්විට හඬමින්ය. ඒ අවංක මිතුරියකගේ වියෝවේ වේදනාව දරාගත නොහැකි තැනය. මේ ඔවුන් දැක්වූ අදහස්.
‘‘එයා නටන්න හරි දක්‍ෂයි. මුළු ඉස්කෝලෙම එයාට ආදරෙයි. ශිෂ්‍ය නායිකාවක් විදියටත් එයා කටයුතු කළා. ක‍්‍රීඩා උත්සවවලදී මූලික වෙලා වැඩ කළා. පාසලේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් එයාගෙ මූලිකත්වයෙන් තමා ආරම්භ වුණේ. කාටත් එකවගේ සැලකුවා. ජීවිතේ අවුරුදු විසිහතරට එයා හුඟක් අත්දැකීම් ලබපු කෙනෙක්.
අපිට නිතර දුරකථනයෙන් කතා කළා. මෙහෙ රස්සාවල් තියෙනවා උඹලත් වරෙල්ලා කියලත් කිව්වා. දැන් ඉතින් සේරම ඉවරයි. අනේ අපේ යාළුවගෙ දේහය ඉක්මනින් ගෙනල්ල දෙන්න කටයුතු කරන්න කියලයි අපි විදේශ අමාත්‍යාංශයෙන් ඉල්ලන්නෙ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!