Gossip

“අපි විවාහ වෙනකල් නොවිසිල්ලෙන් හිටියේ ” – ලොව ප්‍රථමවරට පිරිමින් දෙදෙනෙක් විවාහ වෙයි – සියලු විස්තර මෙන්න

සමලිංගිකයන් ගැන පසුගිය දවස්වල බොහෝ සෙයින් කතාබහට ලක්වුණානේ. ඒ වගේම තමයි සමලිංගිකයන් කිව්ව ගමන් ගොඩක් දෙනෙක් අප්‍රසාදය පළ කරනවා.

ඒත් සමහර රටවල සමලිංගිකයන්ට රිසිසේ ආදරය කරන්න ජීවත්වෙන්න අවසරය ලබා දීලා තියෙනවා.

අපි මේ කියන්න යන්නේ ඕස්ට්‍රේලියාවේ සිදුවෙන කතාවක් ගැන.

ඕස්ට්‍රේලියාවේ ප්‍රථම සමලිංගික විවාහය ගැන තමයි මෙහෙම වාර්තා වෙන්නේ.

Craig හා Luke මේ දෙන්නා වර්ෂ තුනක ආදරයකින් පසුවයි දෙමාපියන්ගෙන් අවසරය අරගෙන විවාහ වෙන්නේ.

ඊයේ රාත්‍රියේදී මේ දෙදෙනාගේ විවාහ උත්සවය උත්සවාකාරයෙන් පැවැත්වුණේ නෑදෑ හිතවතුන් පිරිවරාගෙන.

ඒ උතුරු නෝර්ත් ගංගා කලාපයේ කැරොල් හි පිහිටා තිබෙන උත්සව ශාලාවක.

“ආදරේ කරන දෙන්නෙකුට නිදහසේ ආදරේ කරන්න දෙන්න ඕන.ඒ වගේම ඒ ආදරේ හැමෝම මේ විදිහට දැනගත්තාට වරදක් නැහැ.” එහෙම කියන්නේ මනාල පාර්ශවයේ පියා.

මිට ටික කාලයකට පෙර සමලිංගිකයින් දෙන්නෙක් විවාහ වුණා. ඒ තරුණියෝ. අපි දෙන්නා තමයි මුල්ම තරුණයන් දෙන්නා වෙන්නේ.කොහොම නමුත් අපි විවාහ වෙනකල් නොවිසිල්ලෙන් හිටියේ.” Craig ව විවාහ කරගත් Luke කියලා තියෙන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top