Gossip

“අපි ආදරයෙන් ඉන්නවා. විවාහය ගැන තවම හිතලා නෑ” – ටීනා පෙම්වතා ගැන හෙළි කරයි

ටීනා ෂනෙල් කියන්නේ තිතරම පුංචි තිරයේ දකින්න ඉන්න චරිතයක්.
රංගන ශිල්පිනියක් වගේම ඇය සරාගී නිරූපිකාවක්.
ටීනා දැන් පෙම්වතියක්.
ඒ ගැන ටීනා සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහට.

ටීනාගෙ ජීවිතයට පෙම්වතෙක් හමුවෙන්නෙ පාසැල් වියේදීම?
ඔව්. කාල වකවානුව නම් හරියටම කියන්න අපහසුයි.
හැබැයි ඉස්කෝලෙ කාලෙ තමයි ඉස්සරවෙලාම ආදරය කරන්න පටන් ගත්තෙ.

ටීනා පාසැල් වියේ දඟකාර දැරියක්ද?
ඉස්කෝලෙ යන කාලෙ මම ලස්සන ද නැද්ද කියල නම් මට කියන්න බැහැ.
හැබැයි පිරිමි ළමයි මගේ පස්සෙන් ඇවිත් ආදරෙ කරන්න අහපු අවස්ථා තිබුණා.
අපේ ඉස්කෝලෙට අල්ලපු පාසැලෙ පිරිමි ළමයෙක් නිතරම මගේ පස්සෙන් ආවා.

එයා එක්ක යාලූවෙන්න කැමතිද අහමින් මමත් ටික කාලයක් අකමැති බව හඟවමින් ඉඳලා එයාට කැමැත්ත දුන්නා.ඒ ආදරය අද දවසෙ මතකයක් විතරමද?

ඔව්. ඒ ආදර කතාව අවුරුදු හතරක් විතර ගලාගෙන ගියා. හැබැයි යම් කාලෙක අපි අතරෙ ප්‍රශ්න ඇතිවෙන්න පටන් ගත්තා.
අපි අතර නොගැලපීම් ඇතිවුණා. ඒ නිසා අපි ඒ ආදරය නවත්වල දැම්මා. මට දැන් හිතෙනව ඉස්කෝලෙ කාලෙ පටන් ගත්ත ආදර කතා දුර දිග පවත්වාගෙන යන්න අමාරුයි කියලා.
මොකද ඒ කාලෙ අපි ගොඩක් එකිනෙකා ගැන තේරුම් අරගෙන නෙවෙයිනෙ ඔය සබඳතා පටන් ගන්නෙ.
කොහොම හරි පාසැල් වියේ පටන් ගත්ත ආදරය පාසැල් වියේදිම මැකිලා ගියා.

ඊට පස්සෙ ටීනාගෙ හිත නැවතුන තැන් තිබුණද?
ඔව්. ඊට පස්සෙත් පෙම් සබඳතාවයක් තිබුණා.
දැන් මගේ ජීවිතයේ තියෙන්නෙ තුන්වෙනි ආදර කතාව.

ඔහු හමුවෙත්දි ඔබ ක්ෂේත්‍රයේ වැඩ කරමින්ද හිටියෙ?
මම කලාවට ඇවිත් වැඩ කරමින් ඉන්න කාලයේ මගේ යාලූවෙකුගෙ වැඩකට ගිය වෙලාවෙයි මම එයාව දැන හඳුනාගන්තෙ.

ඔහු රංගනයට ගායනයට හෝ නිරූපනයට සම්බන්ධ තරුණයෙක්ද?
එයා මොන ක්ෂේත්‍රයකට සම්බන්ධ කෙනෙක්ද කියලා තවම කියන්න කැමති නැහැ.

ටීනා ට ඔහුගෙන් ලැබුණ වටිනාම තෑග්ග මොකක්ද?
එයයි මමයි ඉන්න ඡායාරූපයක්.

මේ වෙත්දි ඔබ දෙදෙනා විවාහ වෙනුවෙනුත් කාල සීමාවන් තීරණය කරලද?
විවාහ වීම ගැන නම් තවම හිතලවත් නැහැ. අපි අපේ වැඩ කරගෙන ආදරෙන් ඉන්නවා.

ඒ ගැන බලමු ඉදිරි කාලයෙදි.ඔහු ළඟ ඇති ඔබ අගයන ගතිගුණ මොනවද?
මගේ අදහස් වලට එයා කැමතියි. නිතරම මට හරි වැරැද්ද කියල දෙනව.
ඒ විතරක් නෙවෙයි එයා මගේ වෘත්තීය වැඩ වලට බාධක දාන්න එන කෙනෙක් නෙවෙයි. ඒ වගේම මෝස්තර නිරූපන ක්ෂේත්‍රයේ ඉන්න අනිත් අයට වඩා වෙනසක් එයා මගෙන් දකිිනව.

ඔබ ඔය පවසන ඔහු ඔබෙන් දකින වෙනස ගැන පහදනව නම්?
මම හැමදේම ශ්‍රී ලාංකීය විදිහට ඉන්නවම කියනව නෙවෙයි.
නමුත් නිරූපන ක්ෂේත්‍රයෙ ගොඩක් අයගෙ හැසිරීම් මගේ ළඟ නැහැ. මම දුම් පානය මත් පැන් පානය කරන” සමාජ ශාලාවලට සාද වලට යන කෙනෙක් නෙවෙයි.
මගේ පාඩුවෙ වැඩ කරගෙන මගේ යාලූවො ආශ්‍රය කරගෙන ඉන්න කෙනෙක්.

ටීනාගෙ ජීවිතය මේ විදිහට ගෙවෙන්නෙ ඔහුගේ ආදර බලපෑම් නිසාද?
ඒ ආදරය නිසා නෙවෙයි. ඒ මගේ විදිහ. මම ටිකක් මිනිස්සු ගැවසෙන තැන්වලට යන්න බයයි.
මොකද ඒ තැන්වලට ගිහින් ප්‍රශ්න ඇතිවුනොත් ඒවා ජීවිතයට බලපායි කියල මම හිතනව.

දෙනෙකුව විවාහ වෙලා එක හෙවණක දිවි ගෙවන්න ආදරය පමණක් ප්‍රමාණවත් කියල ටීනා හිතනවද?
දෙපැත්තෙම වැඩිහිටියන්ගෙ කැමැත්ත අපිට අවශ්‍යයි. එහෙම නැතිව විවාහ වුණොත් කවදා හරි දෙමවුපියො තමන්ගෙ දරුවො අතහරින්නෙ නැහැ තමයි.
ඒත් දෙමවුපියෝ අපිට වඩා ගැඹුරින් ජීවිතය දකිනවනෙ. අපට නොපෙනෙන එයාලට පෙනෙන දුරක් තියෙනව.
නොගැළපීම් ඒ නිසානෙ අකමැති වෙන්නෙ නොගැලපිම් තියෙත්දි විවාහ වෙලා ප්‍රශ්න වලට මුහුණ දෙන අය අපි දකිනවනෙ. විවාහ වෙනව කියන එක ආදරය කරනව වඩා වෙනස් දෙයක්. මෙතනදි ජීවිත කාලෙදිම දෙන්නෙක් එකතුවෙලා ජීවත් වෙන්නෙ. විවාහ වෙන්නෙ ඒ නිසා හොඳ ගැලපීමක් එක්ක දෙමවුපියන්ගෙ කැමැත්ත ඇතිව විවාහ වෙන්න තියෙනව නම් හොඳයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!