Gossip

“අපි අතරේ ආදර සම්බන්ධයක් ඇතිවෙලා දැන් අවුරුදු දෙකහමාරක් වෙනවා” – යුග දිවියට පිවිසි සුපිරි ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක හඬ අවදි කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ මුල් පෙළ තුන් ඉරියව් ක්‍රීඩකයන්ගෙන් කෙනෙක් තමයි දසුන් ශානක කියන්නේ.
ඉකුත් 2019 වසරේදී කතාබහට ලක්වූ පාකිස්තාන තරග සංචාරයේ ශ්‍රී ලංකා විස්සයි විස්ස නායකයා වුණෙත් දසුන්.
එහිදී දසුන්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවට ඉතිහාසගත විස්සයි විස්ස ජයග්‍රහණයක් ලබන්නත් පුළුවන් වුණා.
ක්‍රිකට්වලින් එපිට ජීවිතයේදී දසුන්ගේ ජීවිතයේ සුවිශේෂී දිනයක් ගෙවුණු සතියේ යෙදී තිබුණා.
ඒ සුවිශේෂී දිනය සහ ක්‍රිකට් පිටියේ තොරතුරු ගැන කියන්න අපි දසුන් වෙනුවෙන් ඉඩ වෙන් කළා.

දසුන් අලුත් ඉනිමකට මුලපිරුවා?
ඔව්. පසුගිය සතියේ මම විවාහ වුණා.

බිරිඳ ගැන කිව්වොත්?
ඇය චෙවන්ති පෙරේරා.

චෙවන්තිව හම්බෙන්නේ කොහොමද?
චෙවන්තිව කාලයක ඉදන් දැනගෙන හිටියා. ඒත් අපි අතරේ ආදර සම්බන්ධයක් ඇතිවෙලා දැන් අවුරුදු දෙකහමාරක් වෙනවා.

චෙවන්ති ක්‍රිකට්වලට කැමතිද?
කැමතියි. හැබැයි ලොකුවට ක්‍රිකට් ගැන ෆලෝ කරලා නැහැ. දැන් මම ඉන්න නිසා ක්‍රිකට් තරග බලන එක ටිකක් වැඩිවෙලා තියෙනවා.

දසුන් ක්‍රීඩා කළ තරග බලන්න චෙවන්ති ඇවිත් ඇති?
වයිරස තත්ත්වයට කළින් ලංකාවේ මැච් එකක් තිබුණොත් ඒවා ඇවිත් බැලුවා.

ඇගේ වෘත්තිය?
එයා විලාසිතා නිර්මාණ ශිල්පිනියක්. CHEWLEE CEYLON කියලා ඇඳුම් නිර්මාණ ආයතනයක් ඇය පවත්වාගෙන යනවා.

දසුන්ටත් විලාසිතා නිර්මාණය කරලා දීලා ඇති?
එයා කාන්තා ඇඳුම් තමයි නිර්මාණය කරන්නේ. වෙඩින් එකේ චෙවන්තිගේ ඇඳුම් සහ දෙවැනි මනමාලියන්ගේ ඇඳුම් සියල්ල නිර්මාණය කර ගත්තේ එයාමයි.

දසුන්ගේ දෙවැනි මනමාලයෝ තුන් දෙනෙක්ම ක්‍රිකට් ක්‍රීඩකයෝ?
කුසල් මෙන්ඩිස්, ළහිරු කුමාර ඊට පස්සේ ලක්ෂාන් සඳකැන් මගේ දෙවැනි මනමාලයෝ විදිහට හිටියා.

මීට කළින් නේද වෙඩින් එකට දින නියම වෙලා තිබුණේ?
ගිය මැයි මාසයේ තමයි දින තිබුණේ. ඒත් රටේ ඇතිවුණ වයිරස තත්ත්වයත් එක්ක අපිට ඒක මේ දක්වා කල් දාන්න වුණා.

පසුගිය දවස්වල ඔබ අන්තර් සමාජ දේශීය ක්‍රිකට් තරගාවලියට සහභාගි වුණා. ඒ කාර්ය බහුලත්වයත් එක්ක වෙඩින් එකේ වැඩ කොහොමද කරගත්තේ?
මැච් තිබුණ නිසා වෙඩින් එකේ වැඩ වලට යොමු වෙන්න තිබුණු කාලය මට සෑහෙන්න අඩු වුණා.
නමුත් මගේ වයිෆ් ඒ වෙනුවෙන් මහන්සිවෙලා වැඩ කළා. ගොඩක් වැඩවලට මට යන්න වුණේ නැහැ. කෝල් වලින් තමයි ඒ සේරම කරගත්තේ.

වෙඩින් එකේ ලැබුණු අමතක නොවන තෑග්ග?
මේ වගේ බිරිඳක් ලැබීම තමයි. එයා මම ගැන සහ මගේ කාර්යබහුලත්වය ගැන හොඳ අවබෝධයකින් ඉන්නවා. ඉතින් එයා තමයි හොඳම තෑග්ග.

වෙඩින් එකේදි කළ විශේෂ දේවල් මොනවද?
අපේ වෙඩින් එකේදි ඡායාරූප ශිල්පියාගේ සිට ඇඳුම් නිර්මාණ ශිල්පියා දක්වා අපි ක්ෂේත්‍රයේ දැවැන්ත චරිත තෝරා ගත්තේ නැහැ. අපිට අවශ්‍ය වුණා ඉදිරියට යන්න උත්සාහ කරන දක්ෂ අයට අවස්ථාවක් දෙන්න. ඒ නිසා අපි ඒ අයට අවස්ථාවක් දුන්නා.

මේ දවස්වල පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට යන්න දසුන්ට අවස්ථාවක් තිබුණා නේද?
මට අවස්ථාව ලැබිලා තිබුණා තරගාවලියට සහභාගි වෙන්න. නමුත් ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මීට පෙර මේ දවස්වල පැවැත්වෙන්න නියමිතව තිබුණු නිසා මට ඒ සඳහා සහභාගි වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ.

ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් බහුතරයක් බෑ කියද්දි 2019 වසරේ පාකිස්තාන ක්‍රිකට් සංචාරයකට නායකයා වශයෙන් සහභාගි වෙන්න දසුන්ට අවස්ථාව ලැබෙනවා?
තරගාවලියට සහභාගි වෙන්න මම තීරණය කරද්දි නායකත්වය ගැන දැනගෙන හිටියේ නැහැ.
පස්සේ තමයි නායකත්වය මට ලැබෙනවා කියලා දැනගත්තේ. නායකත්වය කියන දේ කවදාවත් මගේ ඔලුවේ තිබුණු දෙයක් නෙමෙයි. මට හැමවෙලේම අවශ්‍ය වුණේ කණ්ඩායමට ක්‍රීඩා කරලා රටට දෙයක් කරන්න.

විවාහයට උදව් කරපු අය ගැන කිව්වොත්?
අපේ පිංතූර ටික පමෝද් නිල්රු හොඳටම කරලා දුන්නා. ඇඳුම් කරේ කනුෂ්ක සූරියබණ්ඩාර. චෙවන්තිව​ ඩ්‍රෙස් කළේ සැලෝන් සුධාරි. ඊට පස්සේ වෙඩින් එකේ වැඩ සැලසුම් කරේ සිරිත ආයතනය. පෝරුවේ චාරිත්‍ර ජනක අල්ගම කරා. ඩෙකෝ ග්‍රෑන්ඩ් ෆ්ලෝරා කරා. ඊට පස්සේ කොන්ඩ සැකසුවේ ලියෝ එකේ ධනුෂ්ක. තව එදා සංගීතය සැපයූවේ දෙරණ බැට්ල් ඔෆ් ද බෑන්ඩ් එකේ අවසන් තරගයට ආ ප්‍රොෆෙසර් සංගීත කණ්ඩායම.

ගයාශාන් විතානආරච්චි
ඡායාරූප – පමෝද් නිල්රු

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!