Gossip

අපරාධ රැසක මහමොළකරු පාතාල නායක මධූෂ්ට ජනපති මෛත්‍රී සහ ගෝඨාභය ඝාතනය කරන්න කොන්ත්‍රාත්තුවක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳ දූෂණ විරෝධී බලකාය නැමති සංවිධානය අනාවරණය කරයි.

ඒ සම්බන්ධයෙන් එම සංවිධානය ඊයේ (13) පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ දූෂණ විරෝධී බලකා සංවිධානය ඊයේ (12) සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කිරීමට පොලිස්පතිවරයා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට නියෝග කළ බවයි.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සිදු කළ බව කියන දුරකථන සංවාද කිහිපයක් ඊයේ දූෂණ විරෝධී බලකාය නැමති සංවිධානය මාධ්‍ය හමුවේ අනාවරණය කළා.

එහි දැක්වුනේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා දුරකථන සංවාදයේදී සඳහන් කරන්නේ අගමැතිවරයාට ලකුණු වැටෙන පරිදි සැලසුමක් සකස් කර අගමැතිවරයා උලුප්පා දක්වන ආකාරයෙන් කටයුතු කළයුතු බවයි.

දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා සඳහන් කළේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා හඳුනාගන්නේ පොලිස්පති පූජිත ජයසුන්දර මහතා හරහා බවයි.

2020 වසරේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එක් වන බවත් බැරිම අවස්ථාවක් පැමිණිය හොත් පාතාල නායයෙකු හරහා කළ යුතු දෙයක් සිදුකළ යුතු බව නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව දූෂණ විරෝධී බලකාය ඊයේ සිදු කළ හෙළිදරව්ව පිළිබඳව අද ජාතික පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පොලිස් කොමිසමට පැමිණිල්ලක් කිරීමෙන් අනතුරුව දුෂණ විරෝධී බලකා මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාර මහතා තම ආරක්ෂාව වෙනුවෙන් කොළඹ කොටුවේ පිහිටි අපරාධයක වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂක පොලිස් කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කරනු ලැබීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!