Gossip

අනුරාධපුර තිදරු පියාගේ ඝාතකයින්ට ප්‍රබල දේශපාලඥයෙකුගේ ආරක්ෂාවක්?

අනුරාධපුර වන්නියන්කුලම් ප්‍රදේශයේදී තිදරු පියෙකු කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධියට අදාළ තවත් සැකකරුවන් දෙදෙනෙකු සොයා කණ්ඩායම් 8 ක් යොදවා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

කෙසේවෙතත් මියගිය පුද්ගලයාගේ පවුලේ ඥාතින් චෝදනා කරන්නේ ඝාතකයින්ට ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ ආරක්ෂාව සැපයෙන බවයි.

අනුරාධපුර වන්නියන්කුලම් ප්‍රදේශයේදී පෙරේදා පස්වරුවේ මෝටර් රථයකින් ගමන් කළ පුද්ගලයෙකුගේ මඟ හරස් කළ පිරිසක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණා.

මෙලෙස මියගියේ අනුරාධපුර විජයපුර රුහුණු මාවත ප්‍රදේශයේ පදිංචි කුලී පදනම මත වාහන සපයන 45 හැවිරිදි සුජීව ප්‍රසන්න කුමාර හෙටිටිආරච්චි නම් තිදරු පියෙක්.

අදාළ පුද්ගලයාගේ බිරිඳ පවසන්නේ තම දරුවන් තිදෙනාට මේ වනවිට මරණ තර්ජන එල්ල වී ඇති බවයි.

කෙසේ වුවත් පොලිසිය පැවසුවේ ඝාතනයට ලක්වූ ප්‍රසන්න කුමාර මහතාගේ පවුල සම්බන්ධයෙන්ද පොලිසියට පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවයි.

දෙපාර්ශ්වය අතර කලක සිට පැවති ආරවුලක් දුරදිග යාමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති බව පොලිසිය පවසනවා.

උතුරුමැද පළාත භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පුතු 15 හැවිරිදි දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු වන බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!