Gossip

උසාවියේ නඩු 05 ක් – එක් නඩුවක් ස්ත්‍රී දූෂණ නඩුවක් – අනුරාධපුරදී මියගිය පුද්ගලයාගෙත් කැරට්ටුව හෙලිවෙයි

අනුරාධපුර – වන්නියකුලම් ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස මියගියේ අනුරාධපුර විජයපුර රුහුණු මාවත ප්‍රදේශයේ පදිංචි කුලී පදනම මත වාහන සපයන 45 හැවිරිදි සුජීව ප්‍රසන්න කුමාර හෙටිටිආරච්චි නම් තිදරු පියෙක්.

කෙසේවෙතත් ඝාතනයට ලක්වූ ප්‍රසන්න කුමාර මහතාගේ පවුලෙන් පොලිසියට එල්ල වන චෝදනාද ප්‍රතික්ෂේප කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා.

ඒ මහතා මේ බව පැවසුවේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි.

2017සැප්තැම්බර් මස 03 වන දින විවාහ මංගල්‍යය උත්සවයක් අතරතුර මෙම දෙපාර්ශවය අතර පහරදීමක් ඇතිවන බවත් ඉන් අනතුරුව මියගිය පුද්ගලයාගේ බිරිඳ අනුරාධපුර පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පුල්ලෙයාර් චමින්ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මෙහි සුවිශේෂී කරුණ වන්නේ මියගිය සුජීව ප්‍රසන්නට එරෙහිවද නඩු 05ක් තිබීමයි.

ඒ අනුව කාන්තාවකට ලිංගික අතවර කිරීම ඔහුට එරෙහිව ඇති එක් නඩුවක් වන අතර අනෙක් නඩු පහරදී තුවාල සිදු කිරීම යන කාරණා සම්බන්ධවයි.

මෙලෙස පහරදීමේ එක් සිද්ධියක් වන්නේ මෙම ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු චමින්ද පුෂ්පකුමාරට කඩුවකින් පහර දීම සම්බන්ධවයි. එම නඩුවේ සැකකරුවන් ලෙස දැක්වුණේ මෙම සිද්ධියෙන් මියගිය පුද්ගලයාත් බිරිඳ, දුව හා පුතා බවයි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.

එම නිසා දෙපාර්ශවයටම නඩු තිබෙන බවත් එක් පාර්ශවයක් හෝ නිර්දෝෂී ලෙස ප්‍රකාශ කළ නොහැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

කෙසේවෙතත් මේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කරන බවත් මේ සඳහා දේශපාලන අධිකාරියේ කිසිදු බලපෑමක් නැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!