Gossip News

අනියම් බිරිදගේ කැති පහරින් අටදරු පියා මරුට..

මහියංගනය කෙසෙල්පොත උතුර යාය 11 ප‍්‍රදේශයේ දී අනියම් සැමියාට කැත්තකින් පහරදී ඝාතනය කළ බවට සැකපිට අනියම් බිරිඳ මහියංගනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ඝාතනය සිදුව ඇත්තේ පසුගිය 9 දින රාත‍්‍රි 10.30ට පමණය. සිද්ධියෙන් පහර කෑ පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙසේ මියගොස් ඇත්තේ 61 ක් හැවිරිදි දරුවන් අට දෙනෙකුගේ පියකි. ඔහු ප‍්‍රදේශයේ කාන්තාවන් කිහිප දෙනෙකු සමගද අනියම් ඇසුරක් පැවැත් වූ අයකු බවත්, මියගිය අයගේ බිරිඳ වසර කිහිපයකට ඉහතදී මියගොස් ඇති බවට සිදු කළ මූලික පරීක්ෂණවලදී හෙළිව ඇත. ඝාතනය වු පුද්ගලයා ඒ වන විට රැඳී සිට ඇත්තේ ඔහුගේ දියණියගේ නිවසෙහිය.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව 39 වන වියේ පසුවන දෙදරු මවකි. අත්අඩංගුවට පත් කාන්තාව හා මරණකරු අතර දිගු කලක පටන් අනියම් ඇසුරක් තිබෙන්නට ඇති බවත්, දෙදෙනා අතර කලක් පැවති ආරාවුල දුරදිග ගොස් මෙම ඝාතනය සිදුවන්නටට ඇති බවට පොලිසිය සැක පළ කරයි. මරණකරුගේ අනියම් බිරිඳ, මරණකරුගේ දියණියගේ නිවස ආසන්නයේ පදිංචිකාරියකි.

දිවයින..

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!