Gossip News

අද රාත්‍රියේ සිට වැසි වැඩිවෙයි..දැනටමත් පවුල් 4153ක් පීඩාවට..

පවතින වර්ෂාපතනය දිවයිනේ ඇතැම් ස්ථානවලට තරමක අඩුවීමක් පෙන්නුම් කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

කෙසේ වෙතත් මේ වන විට පවුල් 4153ක පුද්ගලයින් 14164 ක් පීඩාවට පත්ව ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කරනවා.

වලපනේ ප්‍රදේශයෙන් මරණ 3ක් වාර්තා වෙන අතර මේ වන විට වලපනේ මලපට්ටාව ප්‍රදේශයේ සිදුවූ නාය යාමෙන්, නිවසක එකම පවුලේ සාමාජිකයන් සිව් දෙනෙක් අතුරුදන් වු අතර එයින් එක් අයෙක් සොයා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ සඳහා ත්‍රිවිධ හමුදාව හා පොලීසිය සිය සහයෝගයල ලබා දෙන බවත් පැවසු ඒ මහතා මේ වන විට ආපදා හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙක් තුවාල ලබා ඇතැයි ද පැවසනවා.

නිවාස හානි 6ක් හා අර්ධ වශයෙන් නිවාස 859 හානි වී ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන වාර්තා කරනවා.

කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේතුව සඳහන් කර ඇත්තේ දිවයින අවට වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් උතුරු, නැගෙනහිර, උතුරු මැද, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය අද(03) රාත්‍රී කාලයේ සිට හෙට(04) සහ අනිද්දා(05) දිනයන්හි වැඩි වෙන බවයි.

උතුරු, උතුරුමැද, නැගෙනහිර ,ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැසි‍ හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවෙන අතර, සෙසු ප්‍රදේශවල සවස් කාලයේ 1 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවෙන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර,මුලතිව්, නුවරඑළිය, බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100-150 පමණ තද වැසි ඇති වෙන අතර, උතුරු මැද, සබරගමුව, දකුණු පළාත්වල හා මාතලේ , මහනුවර , යාපනය , මන්නාරම, කිලිනොච්චි සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75-100ක පමණ තද වැසි ඇති වෙන්නට හැකියාව පවතිනවා.

වයඹ සහ දකුණු පළාත්වල විටින් විට පැයට කිලෝමීටර 55 ක් වු තද වැසි ඇති වෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!