Gossip

අකලට කෙස් සුදු වෙලාද..? දියවැඩියාවද..? පපුවේ දැවිල්ලද..? – ලෙඩ 40 ක් නිට්ටාවට සුව කරන අපූරු බෙහෙත මෙන්න

නෙල්ලි ඉදුණු මදය ග්‍රෑම් 100 ක අන්තර්ගත පෝෂණීය අගය මෙසේ ය.
ජලය ග්රෑම් 81.8, ශක්තිය කිලෝ කැලරි 58.0, මාංශ ජනක ධාතු ග්රෑම් 0.5, මේදය ග්රෑම් 0.1, කැල්සියම් මිලි ග්රෑම් 50.0 , පොස්පරස් මිලි ග්රෑම් 20.0, යකඩ මිලි ග්රෑම් 1.2, තයමින් මිලි ග්රෑම් 30.0, රිබෝප්ලේවින් මිලි ග්රෑම් 10.0 , නියසීන් මිලි ග්රෑම් 0.2 , විටමින් ඒ මිලි ග්රෑම් 4.0, විටමින් සී මිලි ග්රෑම් 600 අඩංගු ය.
මේ අනුව, නෙල්ලිවල ඉහළ විටමින් සී ප්‍රමාණයක් ඇති බව පැහැදිලි ය. විටමින් සී සිරුර තුළදී ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරමින්, විවිධ රෝගාබාධවලින් ශරීරය ආරක්ෂා කරයි. ප්‍රතිඔක්සිකාරකයක ප්‍රධානතම ක්‍රියාවක් වන ඉක්මනින් වයසට යාම වැළැක්වීමේ හැකියාව, නෙල්ලි සතුය. රූපලාවන්‍ය මඟින් තම වයස සඟවා තරුණ පෙනුම රැක ගැනීමට උත්සාහ කරන කාන්තා පරපුරට, නෙල්ලිවලින් ලැබෙන සත්කාරය, ඔවුන් මවිත කරනු ඇත.
උදේට නෙල්ලිගෙඩි 03 ක් ද, දවල්ට ගෙඩි 02 ක් ද, රාත්‍රියට ගෙඩියක් ද ආහාරයට ගැනීමෙන්, අවුරුදු සියයක තරම් දීර්ඝායුෂ ලැබෙන බවට මතයක් පවතී.
ආයුර්වේදයට අනුව නෙල්ලි ත්‍රිදෝෂ හර වේ. බාහිර වශයෙන් ඇස්වලට හිතකර, දාහය නසන, කෙස් වඩන ඔසුවක් ලෙස නෙල්ලි හැඳින්විය හැකි ය.
මේවා ආහාරයට ගැනීමෙන්, අක්මාවේ ක්‍රියාකාරිත්වය උත්තේජනය කරයි. කුසගින්න වඩවයි. මළබද්ධය නසයි. හෘදයට මෙන් ම ගර්භාෂයට ද හිතකර ය. මුත්‍රාකාරකයකි. ලේ හිඟකමට ද යෝග්‍ය ඔසුවකි. නෙල්ලි ආහාරයට ගැනීම මඟින්, ප්‍රතිශක්තිය වර්ධනය කරනවා සේ ම, සමේ රෝග නැසීමේ බලයක් ද පවතී.හිස කෙස්වලට මෙන් ම, හිස් කබලේ නීරෝගී බව පවත්වා ගැනීමට ද, නෙල්ලි හිතකර ය.
මෙහි ඇති ඖෂධීය ගුණ නිසා බබාලා ලැබෙන්න ඉන්න අම්මලාට හරිම ගුණදායකයි. එක නෙල්ලි ගෙඩියක් හෝ දෙකක් දිනකට ගැනීමද ගර්භණි අම්මා කෙනෙකුට ප්‍රමාණවත්. හොඳම දේ තමයි නෙල්ලි වියළි වුනත් පිටි ආකාරයට වුවත් එහි ගුණයන් නැසෙන්නේ නැහැ.බොහෝ විට ගර්භණි සමයේ ඇතිවන සංකූලතා වලට නෙල්ලි හොඳ විසඳුමක් සෙත් පවසනවා.
පිත්ත රෝගඅඩු කිරිමේ විශේෂිත ගුණයක් නෙල්ලි අඩංගු බව කියති.ශරිර උෂ්ණ ගතිය අවම කෙරේ. ශරිරයේ අභ්‍යන්තරවත්,බාහිරවත්, ඇතිවන දැවිල්ල තත්ත්වය සමනය කෙරේ.ශරිරයේ නොයෙකුත් ස්ථානයන්හි ඇති වන කුෂ්ඨ ආදිය පාලනය කිරිමට නෙල්ලි භාවිතයෙන් ගුණය ලැබේ.
ක්ෂුද්‍ර ජිවි නාශක ගුණය ඉහළින්ම ඇති නෙල්ලි දිලිර, බැක්ටිරියා සහ වෛරස් ආසාදන නිසා වන රෝග පාලනයට උපකාරි වේ.
රක්ත ශෝධක ගුණයකින් , රුධීර පෝෂණ ගුණයෙන් යුතු නෙල්ලි, රතු සෛල වැඩිකර, පටක වර්ධනය කිරිමටත්, අස්ථි ශක්තිමත් කිරිමටත්,ගුණදායක වන බව සොයා ගෙන තිබේ.
ඇස් පෙනිම වර්ධනය කිරිම සඳහාත් , අක්ෂී රෝග පාලනයටත් නෙල්ලි ගුණදායකය ප්‍රති ඔක්සිකාරක ගුණය ඉහළින්ම ඇති පලතුරක් වන නෙල්ලි තම්බා පානය කිරිමෙන් වයස යාමේදි ඇතිවන වැටිම් පාලනය කළ හැකි බව ආයුර්වේද පොතපතේ සඳහන් වේ.
ශරිරයේ වර්ධනය වන විකෘති සෛල පාලනය කිරිමේ හැකියාවක් ඇති නෙල්ලි පිළීකා රෝගින්ට ද වඩාත් ගුණදායකය.ආයුර්වේදයේ පැරණිම ග්‍රන්ථ වන චරක සංහිතාවෙන් සඳහන් ආකාරයටම නෙල්ලි ශිත ගුණයෙන් යුතු ශරිර වර්ධනය වඩවයි.
නිරෝගි අයකු දිනපතා නෙල්ලි ආහාරයට ගැනිමෙන් ශරිරයේ සියලු ඉන්ද්‍රියන් යථා තත්ත්වයට පත්කර ගැනිමට හැකිවේ.
පර්යේක්ෂණය වලින් ඔප්පු වී ඇත්තේ ලෝකයේ විටමින් සී බහුලව ඇතැයි සිතනා දොඩම් වලට වඩා වැඩිපුර නෙල්ලි වල විටමින් සී සියය විස්සක් පමණ අන්තර්ගත වන බවයි.
අක්මාවේ ඇති ඇලනින් ට්‍රාන්ස් ඇමයිනේස් හෝමෝනය සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යාමට ද නෙල්ලි උපකාරි වේ.
අක්මා සෛල යථා තත්ත්වයට පත් කිරිමේ ගුණයක් ද නෙල්ලි සතුය.
යෝනි දාහයට නේලි යුෂ සිනි සමඟ පානය කිරිමට සැලැස්විමෙන් ගුණය ලැබෙන අතර , වයසට යාමත් සමඟ වකුගඩු වල ඇතිවන දුර්වලතා මඟ හැරිමේ ගුණයක් ද නෙල්ලි සතුය.
දුම්පානය, මත්පැන්, පානය කිරිමත් අක්මාවේ ඇතිවන විෂබිජ පාලනය කිරිමේ හැකියවක්ද නෙල්ලි සතුය. අසාත්මිකතා වැළැක්විමේ ගුණයක් නෙල්ලි වල අඩංගු වේ.
ත්‍රිපලා නිෂ්පාදනය සඳහා භාවිතා කරන අරළු, බුළු,නෙල්ලි, අතර නෙල්ලි වලට හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි.
බුද්ධ වර්ධනයට උපකාරි වන ඖෂධයක් බැවින් නෙල්ලි කුඩා වැඩිහිටි ඕනෑම අයකුට එක ලෙස ගුණදායක වේ.ශරිර ශක්තිය වර්ධනය කිරිමේ ගුණයක් ඇති නෙල්ලි ශරීරයේ නාඩි බලය ශක්තිමත් කිරිමට ද උඵකාරි වේ.
ආයුර්වේද ඕෂධ නිෂ්පාදනයේදි රසායන ගුණයෙන් ඉහළ ඖෂධයක් ලෙස සැලකෙන නෙල්ලි වයසට යෑම වළක්වන ඖෂධ නිෂ්පාදනය කරන ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස ද භාවිතා කෙරේ.
ඇපල් පලතුරට වඩා පුංචි නෙල්ලි ගෙඩියක ඇමැයිනෝ අම්ල වැඩි ප්‍රමාණයක් හා බී කාණ්ඩයේ බීටා කැරෝටීන් වැනි විටමින් වර්ග ද බහුලව අන්තර්ගත වන බව සොයා ගෙන තිබේ.
ඔබේ හැඟීම් ශුභදායක කරනවා- ගර්භණි කාලයේ අම්මලාගේ mood එක නැතිනම් හැඟීම් සිතුවිලි වෙනස් වෙනවා. හොර්මෝන වල බලපෑම ඊට විශේෂම හේතුවක්. පුංචි දේටත් ව්‍යාකූල වෙන්න වගේම කලබලයටත් පත් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ තත්වයන් සමනය කරන්න නෙල්ලි වලට පුළුවන්. එමගින් කෝපය සමනය කර ඔබව සන්සුන් කරනවා.
මළබද්ධය සමනය කරනවා-මළබද්ධය ගර්භණි කාලය තුළ සුලබ තත්වයක්. නෙල්ලි වල ඇති ජීරණය පහසු කරන ෆයිබර් අඩංගු නිසා වැසිකිළි යාම පහසු කරමින් මස්පිඩු සැහැල්ලු කරනවා. ඉන් ඔබට පහසුවක් දැනෙනවා.
තාවකාලික දියවැඩියාව-ගර්භණි කාලය තුළ ශරීරයේ ඉන්සියුලින් වල වෙනස් වීම් මත දියවැඩියා තත්වයන් ඇති විය හැකියි.
නෙල්ලි වල ඇති දියවැඩියාව නැසීමේ ගුණය නිසා මෙලෙස එකවර ඇතිවෙන දියවැඩියා තත්වයන් ඇති වන්නේ නැහැ.
අඩු වයසින් දරුවන් ඇති වීමේ අවධානම අඩු කරනවා-නිතර නෙල්ලි කෑම නිසා අඩු වයසින් දරුවන් ඇති වීමේ අවධානම අඩු කරන අතර ඉපදෙන දරුවාගේ බුද්ධි මට්ටම වර්ධනය කරනවා.
ඒ වගේම දරුවා ඉපදුනු පසු මවට මව් කිරි නිෂ්පාදනයට ද උදවු වෙනවා.
පපුවේ දැවිල්ල හා ඇසිඩ් ගතියට කදිමයි-හෝර්මෝන වල ක්‍රියාකාරිත්වය නිසා පපුවේ දැවිල්ල හා ඇසිඩ් ගතිය වැඩි වීම සුලබ තත්වයක්. මේ මගින් හානියක් නොවුනත් මවට එය ඉතා අපහසුදායකයි. නමුත් නෙල්ලි යුෂ පානය මීට කදිම විසඳුමක්.
යකඩ වලින් පරිපූර්ණයි-ගර්භණි කාලය තුළ ඇතිවෙන රක්තහීනතාවයට නෙල්ලි හරිම ගුණදායකයි.
ඒ මගින් ශරීරයේ හිමොග්ලොබින් පාලනයට, යකඩ උරා ගැනීමට උදවු වෙන්නේ එහි ඇති විටමින් c නිසයි. මේ නිසා ගැස්ට්‍රික් හා මළබද්ධය ඇතිවීම වළකයි.
UTI වැනි ආසාදන වලින් ආරක්ෂා කරයි-නෙල්ලි වල ඇති විටමින් c මගින් ආසාදනයන් සමග සටන් කිරීමට ශක්තිය ලැබෙනවා. සෙත් සඳහන් කරනවා. විශේෂයෙන් ගර්භණි සමය තුළ මුත්‍රා අසාදන ඇතිවීමත් වැළක්වීමට නෙල්ලි කදිමයි.
ඉස්සොරි සුව කිරීමේ හැකියාවකුත් මේ නෙල්ලි වලට තියෙනවා.ඉස්සොරි ඇති අය නෙල්ලි, මුන් ඇට අඹරා තැඹිලි වතුර මිශ්‍ර කර හිසේ ගල්වන්න. පැය භාගයකට පමණ පසු ස්නානය කරන්න.
නෙල්ලි යුෂ-නෙල්ලි යුෂ සහ දෙහි යුෂ මිශ්‍ර කර රාතියේදී හිසේ ගල්වා සම්බාහනය කිරීම මඟින් හිස කෙස් අග පැලීම, අකලට හිස කෙස් පැලීම නැති කරනවා. එමඟින් උකුණන් සහ ඉස්සොරි නැති කර ගන්නත් පුළුවන්. හිස කෙස් වැඩීම වේගවත් කර, නිරෝගී කෙස් කළඹක් ලබා දෙනවා.
ස්නානයේදී නෙල්ලි-නෙල්ලි,අරළු, බුළු සහ කී කිරිඳිය යුෂ එකට මිශ්‍ර හිසේ ගැල්වීම මඟින් හිස කෙස් වැටීම පාලනය කර ගන්න පුළුවන්.
අකලට හිස කෙස් පැසීම වැලැක්වීම සඳහා-අමු නෙල්ලි තැම්බූ ජලයෙන් හිස සෝදන්න. පසුව ෂැම්පු භාවිතා නොකර, ඇල් ජලයෙන් නැවත හිස සෝදා ගන්න.
නෙල්ලි, කෝමාරිකා, උළුහාල් සහ දෙහි ගැට තම්බා ගත් ජලයෙන් හිස සේදීම කරන්න හොඳ විසඳුමක්.
නෙල්ලි ගෙඩි කිහිපයක් අරගෙන කැබලි කර, අවුවේ වියලා පොල් තෙල් සමඟ රත් කරන්න. මෙය දිනපතා ගා හොඳින් හිස සම්භාහනය කරන්න.
අකලට සුදු වූ කෙස් නැවත කළු කර ගැනීම සඳහා- අකලට සුදු වූ කෙස් නැවත කළු කර ගැනීම සඳහා ඩයි වර්ගයක් සකසා ගන්නත් නෙල්ලි භාවිතා කරනවා. නෙල්ලි ගෙඩි 6කුත්, අරළු ගෙඩි 5කුත්, බුළු ගෙඩි භාගයකුත්, අඹ ඇට මද 7කුත් එකට අඹරා එක් රැයක් වසා තබන්න. පසු දින හිස කෙස් වල ආලේප කරන්න. රසායනික වර්ණක වල මෙන් විෂ, මෙම වර්ණකයේ අඩංගු නොවීම මෙහි ඇති ප්‍රධානතම වාසියයි.
හිස කෙස් වලට පෝෂණය ලබා ගැනීම-හිස කෙස් වලට පෝෂණය ලබා ගැනීම සඳහා නෙල්ලි භාවිතා කරමින් හොඳ තෙල් වර්ගයක් සකසා ගන්නත් පුළුවන්. පිරිසිඳු පොල් තෙල් බෝතල් භාගයකට නෙල්ලි, ගොටුකොළ, මුකුණුවැන්න ආදිය දමා රත් කර ගැනීමෙන් මේ ඖෂධීය තෙල් වර්ගය සකසා ගන්න පුළුවන්.
සුන්දර දෑසක් සදහා-සුන්දර දෑසක් තියෙනකොට මුහුණක් ගොඩක් ලස්සනයි. ඒත් සමහරුන්ගේ ඇස් විවිධ හේතු නිසා රතු වෙනවා. මේ ඇස් රතු වීම සඳහා නෙල්ලි සහ මුන් ඇට තම්බා පානය කරන්න.
දන්ත රෝග සදහා-දත් රෝග සහ විදුරු මස් ආශ්‍රිත රෝග සුව කර ගැනීම සඳහා නෙල්ලි තැම්බූ වතුරින් කට සෝදන්න.දත් මුල් වලින් ලේ ගැලීම වැලැක්වීමට නෙල්ලි ආහාරයට ගන්න.
චර්ම රෝග සදහා චර්ම රෝග සුව කරගෙන, නිරෝගී සමක් හිමි කර ගැනීම සඳහා නෙල්ලි සහ කොහොඹ පොතු වේලා, කුඩු කර ආලේප කරන්න.
උණුසුම වැඩි කාලගුණයේදී සමේ දහඩිය බිබිලි දැමීම සම අවලස්සන කරනවා. මීට අමතරව ඒවා කැඩී යෑමෙන් සම අවපැහැ ගැන්වෙනවා. මේවා සුව කර ගැනීම සඳහා නෙල්ලි සහ රසකිඳ තැම්බූ ජලය රාත්‍රියට පානය කරන්න.
සමේ දහඩිය බිබිලි සහ කැසීම් ඇති විට නෙල්ලි, නෙල්ලි කොළ, නිදි කුම්බා කොළ සහ බේත් අනෝදා කොළ තැම්බූ වතුරෙන් ඇඟ සෝදන්න.
සැලකිලිමත් විය යුතුය.රුධිර පට්ටිකා වැඩි විමට ඖෂධ භාවිතා කරන්නේ නම්, නෙල්ලි පාවිච්චි කිරිම සුදුසු නැත.රුධීරය කැටි ගැසිම පාලනය කිරිමට ඖෂධ භාවිතා කරන්නන්ද ,රුධීරයේ යකඩ වැඩිවන රෝග තත්ත්වයකින් ද නෙල්ලි භාවිතය නොසුදුසුය.ක්ෂය රෝගයට භාවිතා කරන ඖෂධ ගන්නන් ද නෙල්ලි ගැනිම නොකළ යුතුය.
දියවැඩියා රෝගින්ට ශරිරයේ සිනි අඩු කිරිමට නෙල්ලි ගුණදායක වුවත්, දියවැඩියාව පාලනය ඖෂධ භාවිතා කරන්නන්ටත්, ඉන්සියුලින් භාවිතා කරන්නන්ටත්, නෙල්ලි ගැනිම සුදුසු නොවන බව පෙන්වා දී ඇත.
එසැණින් කරනුයේ උපදෙස් දීම හා මගපෙන්වීම පමණි. ඒ උපදෙස් ප්‍රතිකාරයක් ලෙස නොසලකන්න. මෙම උපදෙස් අනුව ක්‍රියාකිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ගැන අප හෝ මෙහි උපදෙස් දෙන වෛද්‍යවරුන් කිසිදු වගකීමක් දරන්නේ නැත. රෝගියකු කළ යුතු හොඳම සහ නිවැරදිම දේ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම බවත් සළකන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!